විදෙස් රටවලින් දිවයිනට පැමිණි නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මෙරට සමාජයෙන් හමුවූ නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන ද  ඉක්මවා ගොස් තිබෙනවා. 

නාවික හමුදා සෙබළුන් හැරුණු විට මේවනවිට මෙරට සමාජයෙන් වාර්තා වන්නේ නව්‍ය කොරෝනා ආසාදිතයින් 406 දෙනෙකු පමණයි. කෙසේවෙතත්, විදෙස්ගතව සිට පැමිණි නව්‍ය කොරෝනා ආසාදිතයින් 426 දෙනෙකු මේවනවිට වාර්තා වී ඇති බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත පැවසුවේ. 

මෙරටින්  ඊයේ හඳුනා ගැනුණු නව්‍ය කොරෝනා ආසාදිතයින් 28 දෙනාගෙන් 08 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව ද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළා. 

අපේ‍්‍රල් මස 21 වනදා සිට මේ දක්වා කාලය තුළ විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් 5,189 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප‍්‍රකාශ කළේ. 

මේ අතර හාලි ඇළ, තංගල්ල, දඹුල්ල සහ පොළොන්නරුව යන ප‍්‍රදේශවල පිහිටි ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සතු පුහුණු මධ්‍යස්ථාන 04 ක් නිරෝධායන කටයුතු සඳහා ලබාදී තිබෙනවා. 

මෙම කාලසීමාවේ විදෙස් රටවල සිට ශ‍්‍රී ලාංකිකයින් වැඩිවශයෙන් දිවයිනට පැමිණෙන බැවින් ඔවුන්ගේ නිරෝධායන කි‍්‍රයාවලිය සඳහා මෙම පුහුණු මධ්‍යස්ථාන ලබාදීමටයි එම කාර්යංශය තීරණය කර ඇත්තේ.