ජාත්‍යාන්තර ඉතිහාසඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කර, ශී‍්‍ර ලංකා ඉතිහාසය පිළිබද සොයා බැලීමක් කරන ලෙස ඉල්ලා සිටින බව දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක සී වී විග්නේෂ්වරන් පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

එම කමිටුවට සිංහල, දෙමළ, මුස්ලිම් සියළු නියෝජිතයින් ඇතුළත් විය යුතු බවයි සී වී විග්නේෂ්වරන් එහිදී කියා සිටියේ. නව කතානායකවරයා තේරී පත්වූ අවස්ථාවේ තමන් සිදු කළ ප‍්‍රකාශය ඓතිහාසික කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව සිදු කළ බව ද සී වී විග්නේෂ්වරන් එහිදී කියා සිටියා.