ගෝමරන්කඩවල, මැදවච්චිය වැවේ දියනෑමට ගිය පාසල් ළමුන් සිව් දෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණි සිටි හාලිඇළ ප්‍රදේශයේ පාසලක සිසුන් සිව්දෙනෙකු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඊයේ(19) පස්වරුවේ පාසල් ළමුන් පිරිසක් මැදවච්චිය වැවේ දියනාමින් සිටියදී ඉන් 07 දෙනෙකු දියේ ගිලි ඇති අතර ඉන් තිදෙනෙකු බේරාගෙන ගෝමරන්කඩවල රෝහලට ඇතුළත් කර තිබේ.

මියගොස් ඇත්තේ හාලිඇළ ප්‍රදේශයේ පාසලක 10 ශ්‍රේණියේ ඉගැනුම ලැබූ සිසුන් සිව් දෙනෙකු බව පොලීසිය සඳහන් කළේය.

මියගිය සිසුන් හාලිඇළ, ඇටැම්පිටිය, නුවරගම සහ ඇල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මළ සිරුරු ත්‍රිකුණාමලය රෝහලේ තබා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගෝමරන්කඩවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.