සංශෝධනය කරන ලද පෞද්ගලික බස්‌ ගාස්‌තු අද (01 වැනිදා) සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව බස්‌ ගාස්‌තු සියයට හයකින් (6%) ඉහළ දමා ඇති අතර අවම බස්‌ ගාස්‌තුව රුපියල් 8 සිට රුපියල් 9 දක්‌වා රුපියලකින් ඉහළ දමා තිබේ.

පෙර පැවැති රුපියල් 12 බස්‌ ගාස්‌තුව එලෙසම පවතී.

මේ අතර ඉතිරි මුදල් නොදෙන හා ගමනට අදාළ ටිකට්‌පත් නිකුත් නොකරන බස්‌ රථ කොන්දොස්‌තරවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අනතුරු අඟවයි.