දේශීය පළමු පෙළ තරග ඉතිහාසයේදී පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරිමට දිනේෂ් චන්දිමාල් අද සමත්වුණා.

යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දිනේෂ් චන්දිමාල් විසින් සැරසන්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 354ක් රැස් කරගනු ලැබුවා.

චන්දිමාල් ගේ මෙම ඉනිමට පන්දු 391ක් වැයවූ අතර එහිදී ඔහු හතරේ පහරවල් 33ක් හා හයේ පහරවල් 09ක් එල්ල කරනු ලැබුවා.

මෙහිදී ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම සිය පළමු ඉණිම කඩුලු 8ක් දැවී ලකුණු 642ක් ලබා සිටියදී අත්හිටුවීමට පියවර ගත්තා.

පළමු ඉණිම සඳහා පිතිකරණයට පිවිසි සැරසන්ස් කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 18ක් ලබා ගෙන සිටිනවා