14 හැවිරිදි සිසුවකු පුරා වසර දෙකක්‌ තිස්‌සේ හවුලේ ලිංගිකඅපයෝජනයට (ලිංගික ක්‍රියාවලියට) ලක්‌ කිරීම සම්බන්ධයෙන් චෝදනාලබා රිමාන්ඩ් භාරයේ පසුවන විවාහක ග්‍රාම නිලධාරියකු සහ අවිවාහකග්‍රාමනිලධාරිනියක්‌ විසින් එම සිසුවාට සහ ඔහුගේ පවුලේ උදවියටමරණීය තර්ජන එල්ලකර ඇතැයි මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත්තිලකරත්න බණ්‌ඩාර මහතා හමුවේ සීදුව පොලිසිය විසින් ගොනු කළපැමිණිල්ලේ සඳහන් වේ. එහි විමර්ශන කටයුතු අවසන් නැතැයිද සීදුවපොලිසිය ඉදිරිපත් කළ කරුණු අනුව එම සැකකරුවන්ට ඇප ලබාදීමප්‍රතික්‍ෂේප කළ අධිකරණය සැකකරුවන් මැයි මස 9 වැනි දින දක්‌වාතවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මෙම සැකකරුවන් කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්‌තග්‍රාම නිලධාරීන්ය. ග්‍රාම නිලධාරිවරයා තම රැකියාවට අමතරවකරාතේ ඉගැන්වීමේ පංතියක්‌ පවත්වාගෙන යයි. මෙම සිද්ධියට අදාළ 14 හැවිරිදි සිසුවාද එම කරාතේ පංතියේ සිසුවෙකි.

කරාතේ උපදේශක ග්‍රාමනිලධාරිවරයා පළමු කොට සිසුවා ලිංගිකක්‍රියාවලියට ලක්‌කොට ඇත. පසුව ඔහු සිසුවා ලිංගික ක්‍රියාවලියටයෙදවීම සඳහා අවිවාහක ග්‍රාම නිලධාරිනියට භාරදී ඇත. පසුවග්‍රාමනිලධාරිවරයා සහ අවිවාහක ග්‍රාම නිලධාරිනිය හවුලේ එකමස්‌ථානයකදී සිසුවා ලිංගික ක්‍රියාවලියට වසර දෙකක්‌ පුරා යොදාගෙන ඇත. විත්තිය වෙනුවෙන් නීතිඥ ශාන්ත නිරිඇල්ල, නලීන් විලියම්සහ රංජන් ජයසිංහ යන මහත්වරු පෙනී සිටියහ. සීදුව පොලිස්‌ස්‌ථානාධිපති පො.පරීක්‍ෂක රණසිංහ හා සැරයන් (20293) අනුරපො.කො.(86069) රොෂාන් යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ