මදුනාගල රක්ෂිතයේ සිටින වන අලි ඒ ආසන්නයේ පිහිටි සූරියවැව සීනිමෝදරයාය ගම්මානයට කඩා වැදීම හේතුවෙන් ගම්වාසීන් මේවන විට ගැටලු රැසකට මුහුණ දී සිටියි.

ගම්වාසීන් චෝදනවා කරන්නේ ඒ පිළිබඳව කොතෙක් දැනුවත් කළද මේ සඳහා කිසිඳු විසඳුමක් නොමැති බවයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව සීනිමෝදරයාය ගම්මානයට නිරන්තරයෙන් වන අලි කඩා වදියි.

මදුනාගල රක්ෂිතයේ සිට මෙලෙස පැමිණෙන වන අලි ගම්මානයේ නිවාස හා වගාවන්ට සිදුකරන්නේ දැඩි හානියක්.

ඊයේ රාත්‍රියේත් සුපුරුදු පරිදි වන අලියෙකු සීනීමෝදරයාය ගම්මානයට පැමිණි අතර ඌ පළවා හැරීමට ගම්වාසීන් කටයුතු කර තිබුණි.

ප්‍රදේශයේ සිදුවන සංවර්ධන ව්‍යාපෘති නිසා වන අලින්ට කෑම සපයා ගැනීමට නොහැකි වීමෙන් මෙලෙස ගම්වදින බවට ගම්වාසීන් චෝදනා කරයි.

එමෙන්ම අලි පළවා හැරීමට ප්‍රමාණවත් අලි වෙඩි නොලැබීම තවත් ගැටලුවක්.