Sri Lanka's Wanindu Hasaranga celebrates after dismissing Pakistan's Iftikhar Ahmed during the Asia Cup Twenty20 international cricket Super Four match between Pakistan and Sri Lanka at the Dubai International Cricket Stadium in Dubai on September 9, 2022. (Photo by SURJEET YADAV / AFP)

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 2 වන ස්ථානයට පැමිණ තිබේ.

ඒ අනුව ප්‍රසාද ලකුණු 697ක් ඔහු හිමිකරගෙන ඇත.

ඔහු මීට පෙර එහි 5 වන ස්ථානයේ රැඳී සිටියේය.

ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රෂීඩ් ඛාන් තවදුරටත් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවෙයි.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 9වන ස්ථානයේ රැඳී සිටී.

එසේම වනිඳු හසරංග විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වලද 8 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.