පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදු කරන්නැයි හෙලබොදු සවිය සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඉකුත් දා පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100කට ආසන්න ප‍්‍රමාණයක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනුණේ වනාතවිල්ලූව ප‍්‍රදේශයේ ගොවිපළක සූක්ෂමව සගවා තිබියදීයි.

මාවනැල්ල ප‍්‍රදේශයේ බුදුපිළිම කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනුණා. මේ පිළිබඳ අදහස් දක්වමින් හෙළබොදු සවිය සංවිධානය පැවසුවේ මෙය පිටුපස සංවිධානාත්මක කණ්ඩායමක් සිටින බවයි. මේ, එම සංවිධානයේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියන්.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගැණුනු සිව්දෙනා දින 90ක් රඳවාගෙන ප‍්‍රශ්ණ කිරීමට අධිකරණයෙන් ද අවසර හිමිව තිබෙනවා. මේවනවිට පුපුරණ ද්‍රව්‍ය සගවා තිබූ වනාතවිල්ලූව කරඩිපුවල් ප‍්‍රදේශයේ ඉඩමක් අවට පොලිස් ආරක්ෂාව ද යොදවා තිබෙනවා.