නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ලෝකයේ රාජ්‍යයන් තවදුරටත් අවධානයෙන් පසුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඉරානය ප්‍රමුඛතවත් රටවල් කිහිපයකින් කොරෝනා වෛරස ආසාදිතයින් හඳුනාගැනීමත් සමඟ එම සංවිධානය මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඉරානය තුළ වෛරස ආසාදිතයින්  තවත් දෙදෙනෙකු මියගිය බවට වාර්තා පල වන අතර ඉරානය තුළ පමණක් කොරෝනා වෛරසය හේතුවෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

ඉරානයේ සෑම නගරයකම මෙම වෛරසය ව්‍යාප්ත වි ඇති බවට  විස්වාස කරන බවයි ඉරාන බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර ජපානයේ ලැංගුරම් ලා ඇති මගී නෞකාව තුළ රැදී සිටි බ්‍රිතාන්‍ය ජාතිකයින් 30 දෙනෙකු ඉන් ඉවත් කරගෙන ඇති අතර ඔවුන් රැගත් ගුවන් යානය අද දිනයේ එංගලන්තයට ළගා වීමට නියමිත බවයි විදෙස් වාර්තා කරන්නේ.

ඉතාලිය තුළ ද කොරෝනා වෛරස ආසාදිතයෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

තවත් ආසාදිතයින් 16 දෙනෙකු එරටින් හඳුනාගෙන ඇති බව සදහන්.