ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 95,20,043ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, ලොව පුරා මරණ හාරලක්ෂ 83,920ක් වාර්තා වන බවය.

රෝගීන් 51,63,367 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

වැඩිම කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව වාර්තා වන අමෙරිකාවෙන් ඊයේ (24) දිනයේ ද රෝගීන් 38,960ක් වාර්තා වී ඇති අතර එරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 24,63,128ක්.

ඊයේ දිනයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 40,995ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 11,92,474ක් වෙයි.