ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑ දෙලක්ෂයට ආසන්න වී තිබේ.

ඊයේ(08) දිනයේ වාර්තා වූ ආසාදිතයින් එක් ලක්ෂ 7,270ත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑ එක් ලක්ෂ 93,476ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලොව පුරා වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව හාර ලක්ෂ 8,615ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 35 ලක්ෂ 35,572ක් වෙයි.

මේ අතර ආසාදිතයින් වාර්තා වීමේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන ඇති අමෙරිකාවෙන් ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 19,044 දෙනාත් සමඟ එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව විසි ලක්ෂ 26,493ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එරටින් මරණ එක් ලක්ෂ 13,055ක් සිදුව ඇති බව වාර්තා වෙයි.