ලබන මාසයේ සිට ලොතරැයිපතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තාවෙයි.

නමුත් ලොතරැයි අලෙවිකරුවන්ගේ කොමිස් මුදල ඉහළ නැංවීමට එකඟවී නොමැති බව සමස්ත ලංකා ලොතරයි අලෙවි නියෝජිත සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් බී. එස්. එස්. මාරසිංහ මහතා පැවසුවේ කොමිස් මුදල ඉහළ නොදමන්නේ නම් ජූලි 7 වන දා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත්වන බවය.