ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට මත්ද්‍රව්‍යය රැගෙන එන ජාවාරමක් වටලා මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලීසිය සමත් වී තිබේ.

රාමනාථපුරම් දිස්ත්‍රික්කයේ තිරුවාදනෙයි ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී වාහනයකින් ප්‍රවාහනය කරමින් තිබූ මත්ද්‍රව්‍යය තොගය අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එහිදී කිලෝග්‍රෑම් 8 කට ආසන්න මත්ද්රකව්ය  තොගයක් සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 7 ක් පමණ වන බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

ශ්‍රී ලංකාව හරහා සිදුවන එම මත්ද්‍රවය ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 8 ක් මෙහෙයුම්වල නිරත වී සිට තිබේ.

ඒ අනුව සැකකරුවන් 9 දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.