රුසියාවේ කොවිඩ් මරණ  3,249 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේ මරණ 150ක් වාර්තා වීමත් සමඟින්.

රුසියාව සැලකෙන්නේ කොවිඩ් වසංගතයෙන් වැඩි වශයෙන්ම පීඩාවට පත් රාජ්‍යයක් ලෙසයි.

අද වන විට එරටින් කොවිඩ් ආසාදිතයින් 326,448 ක් වාර්තා වන අතර, සිදුව ඇති මරණ ගණන 3,249 ක්.

කෙසේ වෙතත් රුසියාවේ පනවා තිබූ සංචරණ සීමා බොහොමයක් මේ වනවිට ලිහිල් කර ඇති අතර පවතින තත්ත්වය යටතේ, මොස්කව් අගනුවර ජනාකීර්ණව පවතින්නේ මෙලෙසින්.

කොවිඩ් හේතුවෙන් මොස්කව් නුවර මාස දෙකක පමණ කාලයක් වසාදැමීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

ඔවුන් මෙම පියවර ගත්තේ මොස්කව් නුවරින් පමණක් කොවිඩ් ආසාදිතයින් එක් ලක්ෂ හැට දහසක් පමණ හමුවීමෙන් පසුව යි.

සංචරණ සීමා ලිහිල්කිරීමත් සමඟින් කොවිඩ් ව්‍යාප්තිය තරමක් වේගවත් වී ඇති බවට රුසියානු වාර්තා පවසයි.

එහෙත් ආර්ථික කටයුතු පවත්වාගෙන යාමේ අදහසින් රට දිගටම විවෘත කර තැබීමට රුසියාව තීරණය කර තිබේ.