ගල්කිස්ස මුහුදුතීරයේදී රුසියානු ජාතික කාන්තාවකට අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙතු ලබන 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත්වරියගේ නියෝගයකට අනුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ අයයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රුසියානු ජාතික කාන්තාව පොලිසීයට කරන ලද පැමිණිල්ලකට අනුව ඔවුන් අත්අඩංගුවට ගැනුනා.