Skip to content

බදුල්ල – රිල්පොල ප්‍රදේශයේ උණගොල්ලවත්ත, මොරගොල්ලේ සිදුව ඇති නායයාමකින් නිවාස 5ක් යටවී ඇති බවත්, මේවන විට පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බවත්, වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ එම නිවාසවල පුද්ගලයින් 10 දෙනෙකු වැඩි පිරිසක් සිටින්නට ඇති බව පොලීසිය පවසයි.
අතුරුදන් වූවන් සේවීමේ කටයුතු මේවන විට ආරම්භ කර තිබේ.
එම ප්‍රදේශය නායයාමේ තත්ත්වයකට මේවන විටත් මුහුණ පා ඇති බැවින් ආපදාවට ලක්ව ඇති ස්ථානවලට ළඟාවීම දුෂ්කර වී ඇති බවද පොලීසිය කියයි.