කුරුණෑගල පොලිස් වසමේ කුරුණෑගල වැව රවුම් මාර්ගයේ ඊයේ (පෙබ. 7) සවස කාලයේදී සිදු රිය අනතුරකින් මාස 9ක බිළිඳෙකු මිය ගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ, කුරුණෑගල වැව රවුම් මාර්ගයේදී යන්තම්පලාව දෙස සිට බමුණුගෙදර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් එහි රියැදුරුට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකතන රැහැන් කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බව ය.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු හා පසුපස අසුනේ ගමන් කළ පුද්ගලයින් සිව් දෙනෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඒ අතර සිටි මාස 9ක බිළිඳ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගොස් ඇති බව පොලිසිය පැවසීය.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ, බමුණුගෙදර, කුරුණෑගල පදිංචිකරුවන් පිරිසක් වන අතර අනතුර සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.