සෞදි රාජකීය පවුල අතරද කොවිඩ් ආසාදිතයින් 150ක් පමණ හඳුනා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.

ඒ අතරට 70 හැවිරිදි ෆයිසාල් බින් බන්දාර් බින් අබ්දුලාසිස් අල් සවුද් කුමරුන්ද වන අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර සෞදියේ සල්මාන් රජු සහ කිරුළ හිමි මොහොමද් බින් සල්මාන් කුමරු ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බවත් මේ වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.