Skip to content

06 වන රණවිරු සැමරුම් පෙළපාලිය අද මාතර දී පැවැත්වේ.උතුම් මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨ රණවිරුවන් කළ මහා කැපවීම උත්තරීතරයැයි ජනපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.ජීවිත පරිත්‍යාගයෙන් ජාතියේ රණවිරුවන්කළ කැපවීමට ජාතියේ රණවිරුවන්ට ප්‍රණාමය පුද කරනවා.විරෝධාර රණවිරුවන් කළ මෙහෙය මිල කරන්න බැහැ.තිස්වසරක යුද්ධයේ ඇරඹුම ඊට දශක ගානකට පෙර ඉතිහාසය හා බැදී තිබෙන බව ජනපතිවරයා පවසයි.හතලිස් අටේ නිදහස සියලු ජනකොටස්වල සාමූහික ජයක් බව කී ජනපතිවරයා ඉන්පසුව ජාතීන් අතර සහජීවනයට ගත් ක්‍රියාමාර්ග වැරදි බවද කීය.2009 මැයි යුද්ධය හමාරවීමෙන් පසු එළැබි පශ්චාත් යුධ සමයේදී අප ඉටුකළ යුතු කාර්්‍යයන් නිසි ලෙස ඉටුකළාදැයි කියා අවධානය යොමු කළ යුතු බවද ජනපති කීය.