කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය අසළ මේවනවිට ආරක්ෂක අංශ නිලධාරීන් රැසක් එක්ව සිටිනු දක්නට ලැබෙන බව වාර්තා වනවා.

ඔබේසේකර පුර ප්‍රදේශයේ ගේට්ටුවකින් යුධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මේ වනවිට කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට ඇතුළුවී තිබෙනවා.

ඉන් අනතුරුව ඔවුන් සමස්ත පරිශ්‍රයේම බලය සියතට ගෙන ඇති බව වාර්තා වනවා.

ඉන් අනතුරුව කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය තුළ සිටින සේවකයන්ව ආයතන පරිශ්‍රයෙන් ඉවතට දමනු ලැබුවා.

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් ඊයේ (25) මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කිරීමට ද රජය සුදානමින් සිටියා.

රජයේ මුද්‍රණාලය සඳහන් කළේ  අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්තුමාගේ අත්සනින්  ලැබී තිබූ බවයි.
මේ යටතේ ඛනිජ තෙල් ගොඩබෑම ද අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්වනු ඇති.

තෙල් බෙදාහැරීම් කටයුතු සඳහා ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව සීමාවට යුධ හමුදාව ඇතුල් වීමට උත්සාහ දරමින් සිටින අතර  ගේට්ටු වසා දමා සේවකයින් නොසන්සුන් ලෙස හැසිරෙන බවයි වාර්තා වන්නේ.