මාස හතරකට ආසන්න කාලයකට පසු යුරෝපා සංගම් නායකයන් ලබන මස 17 වැනිදා බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට රැස්වීමට නියමිතය.

නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසු යුරෝපා සංගම් නායකයන් කායිකව මුණ ගැසෙන පළමු අවස්ථාව මෙය වේ.

මෙම හමුවේදී නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීමේ සහන පැකේජය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත ය.

දෙදිනක් පුරා එම ආර්ථික සහන පැකේජය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත ය. යුරෝපා කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් මෙම සමුළුවේ සත්කාරකත්වය හෙබවීමට නියමිතය.