ගාසා තීරයේ මතුවෙමින් ඇති යුද ගිනිදැල් මැද ලෝක බොර තෙල් මිල වැඩිවෙමින් පවතින බව විචාරකයෝ පෙන්වා දෙති.

පසුගිය සිකුරාදා බොර තෙල් බැරලයක මිල 5.7%කින් වැඩිවූ අතර එය සඳහන් වූයේ ඩොලර් 91.20ක් ලෙසය.

නමුත් අද (16) ද බොර තෙල් මිලෙහි වැඩි වෙනසක් සිදුනොවිණි.

නමුත් විචාරකයින් පවසන්නේ ඊශ්‍රායෙල් – හමාස් අර්බුදය අනෙකුත් ප්‍රදේශවලටත් පැතිරයාමට ඉඩ ඇති බැවින් එය ලෝක බොර තෙල් වෙළෙඳපොළට සුබදායී පණිවුඩයක් නොවන බවය.