යුක්රේනයට මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ අනුව ඉදිරි දින 30 ක කාලය සඳහා යුක්රේනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට යුක්රේන ආරක්ෂක කවුන්සිලය අනුමැතිය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. 

මේ අතර රුසියාවේ ජීවත් වන යුක්රේන පුරවැසියන්ට එරටින් පිටවන ලෙසද දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. 

ජාත්‍යන්තර විචාරකයන් පෙන්වා දෙන්නේ රුසියාව මේ වන විටත් යුක්රේනය පූර්ණ වශයෙන් ආක්‍රමණය කිරීමට සැළසුම් සකස් කර අවසන් බවයි. 

ජාත්‍යන්තර බුද්ධි අංශ විසින් ද රුසියාව ,යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. 

රුසියානු හමුදා නැගෙනහිර යුක්රේනය හරහා ඉදිරියට ගමන් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.