https://www.youtube.com/watch?v=noobUKNBqkY
යාපනය අධිකරණය අසළ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 127 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එසේම එම නොසන්සුන්තාවයේදී පොලීසියේ නිලධාරීන් 5 දෙනෙකුද තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
නීති විරෝධී උද්ඝෝෂණ සංවිධානය කිරීම, රාජ්‍ය දේපළවලට හානි කිරීම හා පොලිස් නිලධාරීන්ට පහරදීම යන චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය, පුංකුඩුතිව් හි 18 හැවිරිදි පාසල් සිසුවියක දූෂණය කර මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහි දැඩි දඬුවම් පමුණුවන ලෙස බලකරමින් යාපනය අධිකරණය පරිශ්‍රයට එක්වූ පිරිසක් විරෝධතා දැක්වීය.
එහිදී ඇති වූ වාතාවරණය හමුවේ අධිකරණයේ කටයුතුවලට ද බලපෑම් එල්ල වූ අතර අධිකරණයේ නියමයෙන් ඇති වූ තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී.
මෙම වාතාවරණය හමුවේ විරෝධතාකරුවන්ද අධිකරණය දෙසට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර ඊට හානි කළ බව වාර්තා විය.