මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීමට යාපනය විශ්ව විද්‍යාලයේ සැමරුම් ස්මාරකය මේ වන විට සකස් කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.

යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීමට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙසට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් කෝපායි පොලිසිය ඉල්ලීමක් කොට තිබුණා.

අධිකරණය එහිදී නියෝග කොට තිබුණේ එල්. ටී. ටී. ඊ. කොඩි, ලාංජන හා පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය නොකර සැමරුම් පවත්වන ලෙසයි.

අධිකරණ නියෝගයෙන් අනතුරුව විශ්ව විද්‍යාල සිසුන් යාපනය විශ්ව විද්‍යාල සීමාව තුළ සංඛේත සහ ලාංඡන කිසිවක් නොමැතිව වර්ණ කොඩි වැල් පමණකින් සැමරුම් ස්මාරකය සරසා තිබෙනවා.

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් පැවසූවේ විශ්ව විද්‍යාල සිසුන් හා විශ්ව විද්‍යාල ප්‍රජාව සමග එක්ව අද (27) දහවල් යුද්ධයෙන් මියගිය සහෝදර ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහනක් පවත්වන බවයි.