යාන්ත‍්‍රික කියත් හෙවත් චේන් සෝ යන්ත‍්‍ර ලියාපදිංචි කිරිම සදහා ලබාදී තිබූ කාලය ලබන 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මීට පෙර එම ලියාපදිංචි කිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ ඊයේ දිනයේයි.

වන විනාශය අවම කිරීමේ අරමුණින් යාන්ත‍්‍රික කියත් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරුණා. ලියාපදිංචි කිරීමෙන් පසු එම කියත් සදහා බලපත‍්‍ර ලබාදීමට නියමිතයි. ලියාපදිංචි කිරීම ආසන්නම පොලිස් ස්ථානයේදී සිදුකළ යුතු වනවා.