කටුගස්තොට ‍පොලිස් වසමේ යටිවාවල, මොරගිරි කන්ද ප්‍රදේශයේ හදිසි ගින්නක් හට ගෙන තිබේ.

ඊයේ(25) සවස 6 ට පමණ මෙය ඇති වු බවට කටුගස්තොට පොලීසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වී තිබේ.

පොලීසිය, මහනුවර ගිනි නිවීමේ ඒකකය, මහනුවර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කර තිබේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් නොමැති අතර, හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

කටුගස්තොට පොලීසිය වැඩදුර විමර්ශන සිදු කරයි.