පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ විසින් භාවිත කරන ලද බව කියන ෆෝර්ඞ් මස්ටෑන් වර්ගයේ මෝටර් රථයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්තා.

නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා මෙම මෝටර් රථය භාවිත කර ඇත්තේ 2010 වසරේදීයි.
මෝටර් රථයේ වත්මන් හිමිකරු වන හර්ෂ ද සිල්වා නැමත්තා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා වන ප්‍රේමනාත් සී. දොලවත්ත මාධ්‍ය වෙත කියා සිටියේ මෙය කඩුවෙල ප්‍රදේශයේ ගරාජයක් තුළ තිබී පොලීසිය භාරයට ගත් බවයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තමන්ට මන්ත්‍රිවරයෙකු ලෙස ලැබේන තීරු බදු සහන යටතේ මෝටර් රථය ගෙන්වා ඇති බව ද ඔහු සදහන් කළා.ඒ සදහා පාර්ලිමේන්තු බැංකු ශාඛාව මගින් ණය මුදලක් ලබාගෙන ඇති බවද සදහන්.

මේ පිළිබදව අදහස් දක්වමින් අදාල පාර්ශවය සදහන් කර තිබෙන්නේ වත්මන් පාර්ලිමෙන්තුවේ මන්ත්‍රින් සදහා වාහන ගෙන්විමේදි අදාල වටිනා කමට සමාන වන ණය මුදලක් නිකුත් කිරිමට අවසර දිමක් සම්බන්ධයෙන් සති අන්ත පුවත් පතක් කල වාර්ථා කිරිම නිසා එල්ලවන ජනතා විරෝධය වෙනත් අතකට යොමු කිරිම සදහා, මේ වසර මුල දක්වා භාවිතා කල, පසුව විකුණා දැමු මේ වාහනය මෙලෙස රැගෙන විත් ඇති බවයි.