352_2

 ග්‍රෑම් 375ක් වන වටිනාකමින් රුපියල්දහ අට ලක්ෂ 75 000ක් වන රන් බිස්කට් 3ක් රහස් පෙදෙසේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණි කාන්තාවක්ශ්‍රි ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඇය කොළඹ පදිංචිකාරියකි.

මේඅතර නීති විරෝධි ලෙස රත්‍රං තොගයක් ඉන්දියාවේ ත්‍රිචි බලා රැගෙනයාමට උත්සහකළ කාන්තාවන් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදි අත්අඩංගුවට ගෙන තිබේ. තිස්ලක්ෂ 30 000ක් පමණ වන වටිනාකමකින් යුක්ත එම රන් භාණ්ඩ පැළඳගෙන යන අතරේපරීක්ෂාකොට අත්අඩංගුවට ගත් බව බව රේගුව සඳහන් කරයි.