මීගමුව, කුරණ ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියක සහ ගණිකා වෘත්තියේ යෙදීමේ අරමුණින් රැඳී සිටි බවට සැකපිට සැකකාරියන් 3ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (සැප්. 20) රාත්‍රී කාලයේදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබ ඇති බව ය.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 20ත් 25ත් අතර වයස්වල පසුවන බලංගොඩ, දෙහිඅත්තකණ්ඩිය, තොඩුවාව ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

සැකකාරියන් අද (සැප්. 21) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.