ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීන්දුව හෙට (2) පස්වරු 03.00ට ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය මීට මොහොතකට පෙර දැනුම් දුන්නේය.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද දස වැනි දිනටත් සලකා බැලූ අවස්ථාවේදි අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා මේ බව ප්‍රකාශ ක‍‍ළේය.