පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය එස්. රන්ජජීවන් මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමකින් සඳහන් කරන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී බවයි.