මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් හෙට (11) පැවැත්විමට නියමිතයි. කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක සඳහන් කළේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රියගේ ප‍්‍රධානත්වයෙන් එහි නිලධාරින් අතර මෙම සාකච්ඡාව හෙට උදෑසන පැවැත්වෙන බවයි.

සියලූ සන්ධානගත දේශපාලන පක්ෂ ලේකම්වරුන් ලබන අඟහරුවාදා දිනයේ මැතිවරණ කොමිසමට කැඳවා ඇති බවයි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙහිදි පැවසුවේ.

මීට පෙර මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන නියෝජිතයින් සියළු දෙනා මෙම සාකච්ඡාවට කැදවා ඇති බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

හෙට සහ අනිද්දා (12) මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ මහ මැතිවරණය පැවැත්වීම තවදුරටත් කල් දැමීමට කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇතැයි වාර්තා පළ වන පසුබිමකයි.