මැතිවරණය දිනෙන් දින කල් යෑමට විරෝධය පළ කරමින් ඉදිරියේදී තමා ඉල්ලා අස්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරනවා.

මැතිවරණ කොමිසමේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ “මටත් හෘද සාක්ෂියක් තියෙනවා. මැතිවරණය කල් දැමීම වැරදියි. 2019 වසරේ නොවැම්බර් 09ත් දෙසැම්බර් 9ත් අතරතුර පළාත් සභා මැතිවරණය නියමිත පරිදි පවත්වන්න කටයුතු සම්පාදනය නොවුනොත් මා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙනවා” යනුවෙනි