New Zealand v Sri Lanka - 1st Test: Day 1

නවසීලන්ත ටෙස්ට් ඉතිහාසයේ වේගවත්ම ටෙස්ට් ශතකය වාර්තා කිරීමට බ්‍රෙන්ඩන් මැකලම් සමත්විය. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව අද (26දා) පැවැත්වෙන ටෙස්ට් තරගයේදීය.

ඔහුට ශතකය වාර්තා කිරීමට ගතවූයේ පන්දු 74ක් පමණි. මීට අමතරව නවසීලන්ත ටෙස්ට් ඉතිහාසයේ  එක් වර්ශයක් තුළදී ටෙස්ට් ලකුණු 1000 සීමාව පසුකළ පළමු ක්‍රීඩකයා ලෙසිනුත් ඉතිහාසයට එක්විය.

එය ටෙස්ට් ඉතිහාසයේ 9 වැනි වේගවත්ම ශතකය වන අතර මීට ඉහතදී කපිල් දේව්, මජිඩ් ඛාන් හා මොහොමඩ් අසාරුඩීන් පන්දු 74කදී ටෙස්ට් ශතක වාර්තා කර තිබේ. ද්විත්ව ශතකයට පෙර ලකුණු 195කට මොහුව දවා ගැනිමට තරිදු කෞෂල්‍ය සමත් වුනා. එය අද දින ටෙස්ට් වරම් ලබාගත් තරිදුගේ ප්‍රථම කඩුල්ලයි.

කාසියේ වාසිය දිනා ගැනිමෙන් පසු ශ්‍රි ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දිමට නවසිලන්තයට ආරධනා කලා. ඒ අනුව දිනය නිමවන විට කඩුලු 7ක් දැවි ලකුණු 429ක් ලබා ගැනිමට නවසීලන්ත කණ්ඩායම සමත් වුනා.