මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පළමු වරට මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් අද (16) රැස්වෙයි.

තැපැල් ඡන්දය ප්‍රකාශ කරන දිනය තීරණය කිරීම සහ පසුගිය දිනවල පැවති පෙරහුරු මැතිවරණවල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව වාර්තා වෙයි.

මේ අතර මැතිවරණයට අදාළ පෙරහුරුවක් මුලතිව්හි දී ඊයේ පැවැත් විය. 

කොවිඩ් 19 තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි මෙවර මැතිවරණය පැවැත්වීමට අදාළ පෙරහුරුවක් මුලතිව් ඔඩ්ඩුසාඩුන් හිදී ඊයේ පැවැත් විය.

මෙම අවස්ථාව නිරීක්ෂණයට මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා සහ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ද එක්ව සිටියේය.

පොලිස් නිලධාරීන්ට මෙන්ම මැතිවරණයට එක්වීමට නියමිත රාජ්‍ය නිලධාරීන් ඇතුලු පාර්ශ්ව රැසක් වෙනුවෙන් පෙරහුරු කටයුතු පැය දෙකක් පමණ මෙහිදී සිදුකෙරුණි.