එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂනායක ලෙස පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කරයි. එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂයේ වැඩිම ආසන සංඛ්‍යාව හිමි පක්ෂයට එය ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළේය. එසේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහින්ද අමරවීර මහතා පත්කළ බවත් ඔහු නිවේදනය කළේය.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න, විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක හා පියසේන ගමගේ යන මහත්වරුන් විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැමිණියේය.