2011 ලෝක කුසලානය අවසන් මහා ක්‍රිකට් තරගය පිළිබඳව හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාලව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

එම විමර්ශන කණ්ඩායමේ නිලධාරීන් අද (24) පෙරවරු 6ට පමණ මහින්දානන්ද මහතාගේ නාවලපිටියේ පිහිටි නිවසට පැමිණ මෙලෙස ප්‍රකාශ සටහන් කර ගත්තේය.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දි තිබුණි.