Mahinda Rajapaksa, former President of Democratic Socialist Republic of Sri Lanka

https://www.youtube.com/watch?v=ppagOFUg1Kg

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (01) වීරකැටිය – මැදමුලනේ සිට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට කියා සිටියේ පෙරවරු 11 යි 10ට හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකරන බවයි. ඔහුගේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙල එහිදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. එළඹෙන මහමැතිවරණයට අගමැති අපේක්ෂකයා ලෙස තරඟ කරන්නැයි හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම සඳහා හිටපු මැතිඇමතිවරුන් පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් ඇතුළු පිරිසකගෙන් සමන්විත රථ පෙරහරක් ද අද උදෑසන දෙවිනුවර විශ්ණු දේවාලය ආසන්නයෙන් ආරම්භ කර මැදමුලන දක්වා ගමන් කිරීමට නියමිතයි.