රජය විසින් නියම කර ඇති පාලන මිලට වෙළඳපොලට සහල් නිකුත් කිරීමට මහා පරිමාණ මෝල් හිමියන්ට හැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. 

කෙසේ වෙතත්,  සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට එම මිල ගණන් යටතේ සහල් තොග සැපයීම අපහසු බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසන්නේ.