ලබන සතියේ සිට මහජන දිනය ලෙස “සඳුදා දිනය” නම් කිරිමට කැබිනට් මණ්ඩලය ඊයේ දිනයේදී තීරණය කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිළ ප්‍රකාශ කර සිටිනවා.

වසර 60ක පුරා මහජන දිනය ලෙස බදාදා දිනය පැවති බවත් බදාදා දිනයේදී පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයක් වන බැවින් අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය නිසා මෙම තීරණය ගත් බවයි අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කළේ.

ඒ අනුව කැබිනට් මණ්ඩලය ලබන සතියේ සිට බදාදා පෙරවරුවේ පැවැත්වීමට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියා.