විපක්ෂයට එක්වු එ.ජ.නි. සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරුන්වන පියසේන ගමගේ හා මනුෂ නානායක්කාර යන මහත්වරු ඊයෙ (24දා) පැවති ගාල්ල දිස්ත්‍රික් එජාප දිස්ත්‍රික් සංවිධානයේ රැස්විමට සහභාගිවුහ.

ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි හා එජාප ගාල්ල දිස්ත්‍රික් නායක වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල උළුවිටිකේ පිහිටි ඒ මහතාගේ නිවසේ දි රැස්විම පැවැත්විණි.

හිටපු ඇමති පියසේන ගමගේ මහතා ශ්‍රි.ල.නි.පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායකයා වශයෙන් විපක්ෂයට එක්වන තෙක්ම කටයුතු කළේය.