බීමතින් රිය ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇප මත නිදහස් කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා අද (7) නියම කළේය.

ඉකුත් මාර්තු 1 වැනි දා අනුරාධපුර නගරයේ දී කාන්තාවක හා ඇගේ ඥාතී දියණියක හප්පා අනතුරක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැණිනි.