අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් මිලට ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා චෝදනා කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මන්ත්‍රීවරයෙක් මිලට ගැනීම වෙනුවෙන් යෝෂිත රාජපක්ෂ මහතා ඩොලර් මිලියන තුනක් ලබාදෙන බවයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ නැවතත් අංක තරගය ආරම්භ වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

තමන් රග්බි තරගවාරය හේතුවෙන් කර්ය බහුන වී ඇති නිසා රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කරයි.

තමන්ව දේශපාලනයට සම්බන්ධ කර නොගන්නා ලෙසද ඔහු වැඩිදුරටත් පවසයි.