මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී අද (26) උදෑසන ගුවන් යානයක ගින්නක් ඇති වුණා.

කෙසේවෙතත් ගුවන් තොටුපොල ගිනි නිවන භටයින් විසින් එම ගින්න නිවා දැමුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

මෙලෙස ගින්නක් ඇති වී තිබෙන්නේ CVK 7042 දරණ කාගෝ ගුවන් යානයේයි.

එම යානය ඊයේ (25) පස්වරුවේ තායිලන්තයේ සිට මත්තලට පැමිණ ඇති අතර අද (26) උදෑසන  ඕමාන් බලා පියාසර කිරීමට සූදානම්වීමේදී ගින්න ඇති වී තිබෙනවා. ඒ වනවිට කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු යානයේ රැදී සිට ඇතත් ඔවුන් කිසිවෙකුට හානි සිදුවී නැහැ. ගින්නට හේතුව පිළිබද විමර්ශන සිදු කෙරෙනවා.