සියළු ණය කාඩ්පත් සහ ඩෙබිට් කාඩ් පත් උපයෝගි කර ගනිමින් සිදුකරනු ලබන විදේශ ගෙවීම් සඳහා වන මුද්දර ගාස්තු වෙනුවට 3.5% ක ජාතිය ගොඩනැගීමේ බද්දක් හඳුන්වාදෙනු ලබන බව අමාත්‍ය මංගල සමරවීර සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් අද (05) කියා සිටියා.

මෙමගින් එතෙර ඩිජිටල් සේවාවල අදාළ බදු පිළිබඳව ගැටළු නිරාකරණය කර ගැනීමට හැකිවන බවයි මුදල් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් මේ හේතුව නිසා amazon, eBay, alibaba, aliexpress වැනි වෙබ් අඩවි වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී බදු මුදලක් එකතු වීම සිදුවනු ඇතියි.

මෑත කාලය තුළ ලංකාව තුළ ඉහත කී වෙබ් අඩවිවලින් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය ඉහලගොස් තිබෙන අතර මීට පෙර එම ගණුදෙනුවලින් රජයට කිසිදු බදු ආදායමක් හිමි නොවීය.