මංකි පොක්ස් හෙවත් වදුරු උණ රෝගය වැළදුණු පුද්ගලයින් දෙදෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා.

ඩුබායි හි සිට පැමිණි කාන්තාවක් සහ ඇයගේ දියණියට මංකි පොක්ස් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපලේදී සිදු කල පරීක්ෂාවකදීයි.

ඒ අනුව ඔවුන් දෙදෙනා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කර තිබෙනවා.

එම රෝගීන් දෙදෙනාගේ පවුලේ තවත් සාමාජිකයෙකුද විදෙස් රටකදී මංකි පොක්ස් වෛරසය ආසාදනය වී සිට සුවය ලබා මෙරටට පැමිණ ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.