රජයේ නිසි අවසරයකින් තොරව මහජන මුදල් වැය කරමින් මහා භාණ්‌ඩාගාරයේ නිලධාරීන් සිය දෙනකු (100) පසුගිය සතියේ සිංගප්පූරු සංචාරයක නිරතව තිබෙන අතර ඒ පිළිබඳව රජය මේ වනවිට පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

භාණ්‌ඩාගාර නිලධාරීන් සියදෙනා රජයේ ඉහළම නායකයකු සිංගප්පූරු ගුවන් තොටුපළේදී මුණගැසීමෙන් පසු ඔහු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුqතු ආරම්භ කර ඇත.අමාත්‍යාංශ ලේකම්වරයකුගේ අනුමැතිය මත මේ පිරිස සිංගප්පූරුවට ගොස්‌ සුපිරි හෝටල්වල එක්‌ අයෙකුට එක්‌ කාමරය බැගින් වෙන්කරවා ගෙන තිබේ. ඒ සඳහා එක්‌ කාමරයකට පමණක්‌ දිනකට ඩොලර් 2000 ක්‌ 3000 ත් අතර මුදලක්‌ වැයකර ඇත.

අධ්‍යයන කටයුත්තකට යෑයි කියමින් මෙම පිරිස විදේශ ගතවී ඇති අතර ඔවුන් සිංගප්පූරු ගුවන් තොටුපළේදී රජයේ ඉහළම නායකයකු හමුවී ඇත.

මෙතරම් පිරිසක්‌ එකවර විදේශ සංචාරයක නිරතවීම ගැන එහිදී එම නායකයා පුදුමයට පත්වී ඇත.

එම නායකයා දිවයිනට පැමිණි පසු ඒ පිළිබඳව අදාළ බලධාරීන්ගෙන්ද විමසා එම සංචාරය ගැන වහාම විමර්ශනයක්‌ ආරම්භ කරන ලෙස නියෝග කර ඇතැයි ඉහත ප්‍රකාශකයා කීය.

අධ්‍යයන කටයුත්තකට සහභාගි වන්නේ නම් රාජ්‍ය නිලධාරීන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙන් අවසර ගත යුතු වුවද මෙම පිරිස එවැනි අවසරයක්‌ ගෙන නොමැති බව හෙළිවී ඇත.

 

දිවයින පුවත් පතින් – අකිත පෙරේරා