This undated image posted by the Islamic State group's Aamaq news agency on Tuesday, April 23, 2019, purports to show Mohammed Zahran, a.k.a. Zahran Hashmi, center, the man Sri Lanka says led the Easter attack that killed over 300 people, as well as other attackers. Sri Lankan authorities have blamed the militant Muslim group National Thowfeek Jamaath for the attack. The Islamic State group released the photo Tuesday to assert its claim on the assault. (Aamaq news agency via AP)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන ඉන්ෂාෆ් අහමඩ්ගේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඔ කම්හලට නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව විශේෂ අඩු කරන ලද මිලකට ටෙලිකොම් අබලිකේබල් තොගයක් ලබා දී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අබලි කේබල් විකිණිම සදහා ටෙන්ඩර් අංක L/0253/217 යටතේ පසුගිය 2017 ජූලි මස 13 වන දින පුවත්පත් දැන්වීමක් පළ කරමින් ටෙන්ඩර් කැදවනු ලැබූ බවත්, එම දැන්වීමට අනුව සමාගම් 11 ක් ඒ සදහා ටෙන්ඩර් ඉදිරිපත් කරනු ලැබූ බවත් ඔවුන් සඳහන් කරයි.

ඒ අනුව මෙකී සැකකරුගේ සමාගමට හා තවත් සමාගම් 02කට අදාල ටෙන්ඩරය ප්‍රදානය කළත් විවිධ හේතු ඉදිරිපත් කරමින් එම සමාගම් 02 කට එම අබලි කේබල් තොගය ලබා ගැනීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බාධා කළ බවත්, ඉන් එක් සමාගමක් විසින් මේ පිළිබදව අධිකරණයේ නඩුවක්ද ගොනුකර ඇති බවත් වාර්තාවේ.

පසුව සැකකරුට අදාල අබලි කේබල් තොගය ලබා දීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කටයුතු කර තිබේ.

මෙම සමාගම මීට පෙර ටෙන්ඩරයෙන් මිලදී ගත් කේබල් පරිසරයට හානිවන ලෙස පුලුස්සා ඇති බැවින් එම සමාගමට අබලි කේබල් නැවත ලබා නොදෙන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය විෂයභාර ඇමතිවරයා වන හරීන් ප්‍රනාන්දු මහතාගෙන් හා ටෙලිකොම් සභාපති කුමාරසිරි සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබුනද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් උක්ත ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුගේ සමාගමට අබලි කේබල් ලබා දීමට කටයුතු කර ඇති බවත් වාර්තාවේ.

අබලි කේබල් ගලවා ගැනීම මෙම සමාගමට අවසර දීම මෙහි බරපතළම කාරණය බව සඳහන් කරන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය මෙම අබලි කේබල් රට පුරා බිම වළදමා තිබූ බවත් විවිධ ස්පින් වර්ග හා යකඩ කැබැලි ගලවා ගැනීමට එම සමාගමට හැකියාව ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

සැකකරුගේ සමාගමට ටෙන්ඩරයෙන් පිට මෙම අබලි කේබල් තොගය ලබා දීමට කටයුතු කළ කවුද යන්න සොයා බැලීම සදහා වහාම නිසි පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය රජයෙන් ඉල්ලා සිටි.